පාර්ලිමේන්තුව නොසලකා හැර සකස් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අවසානයේ දී සුපුරුදු පරිදි "Revers" කර ගැනීමට ආණ්ඩුවට සිදු වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.
ආණ්ඩුව සකස් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය.
"මම රජයට කියනවා නව ව්‍යවස්ථාවක් හදනවා නම් කොමිෂන්වල ස්වාධිනත්වය නැවත ඇති කරන්න කියලා. නව ව්‍යවස්ථාව ගැන කතා වෙනවා. මේ ව්‍යවස්ථාව අපි දැකලත් නෑ. අපි දන්න කාලේ ඉදලා ව්‍යවස්ථා හැදුවේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව මගින්. සොල්බරි සාමිවරයා ශ්‍රී ලංකාවට ආවාම සියලු දේශපාලන පක්‍ෂ, සියලූ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරු එකතු වෙලා ව්‍යවස්ථාවක් හැදුවා. එහෙමයි කරන්න ඕනේ. බණ්ඩාරණායක මැතිනිය නව රඟහලේ සියලූ දේශපාලන පක්‍ෂ කැදවලා තීරණයක් ගත්තා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාත් කෙටුම්පත හදලා තේරිම් කාරක සභාවට ඉදිරිපත් කළා. අද ආණ්ඩුව ව්‍යවස්ථාවක් හදනවා. පාර්ලිමේන්තුව කිසිම දෙයක් ඒ ගැන දන්නේ නැ. ජනාධිපතිතුමාගේ නඩු කතා කරපු නිතිඥ මහත්වරු ගෙනල්ලා ව්‍යවස්ථාව හදන්න කියනවා. මේ විදීයට ව්‍යවස්ථාව හැදුවොත් මම අද අනාවැකියක් කියනවා ඒකත් රිවස් කර ගන්න වෙනවා. ආණ්ඩුවක් නෑ මේ රටේ. ඒ නිසා අපි කියනවා ව්‍යවස්ථාවක් හදනවා නම් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරු සියල්ල සමග සාකච්ඡා කරන්න.
ඔය නීති කණ්ඩායම අපිටත් ලියුමක් එව්වා. අපේ අදහස් ඉදිරිපත් කරන්න කියලා. පණිවිඩයකුත් එව්වා. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හැර වෙන ඕනම දෙයක් ගැන කතා කරන්න කියලා. ඉදිරියේදි පළාත් සභා ඡන්ද තියනවා කියනවා. මෙහෙම ව්‍යවස්ථා හදන්න පුලුවන්ද..? අපි කියනවා පාර්ලිමේන්තුව විශ්වාස කරලා තේරීම් කාරක සභාවක් හරහා මේ ව්‍යවස්ථාව සකස් කරන්න කියලා"
Lanka Newsweek © 2026